FAST NEWS

24×7 Around the Globe

පස් කඳු කඩා වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා…

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ ඇල්ල සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙනුයි.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හීල්ඔය දුම්රිය ස්ථානයේ ද, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ද නතර කිරීමට කටයුතු කර ඇත.
මේ වන විට එම කටයුතු නැවතත් යථා තත්ත්වයට පත්කරමින් සිටියි.