FAST NEWS

24×7 Around the Globe

එජාපයේ විරෝධතාවය 08 වැනිදා..

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස බල කරමින් අනිද්දා (08) දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජීත සේනාරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කිරීම මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ බවද හෙතෙම පැවසීය.