FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා ව්‍යස්ථාව අමු අමුවේම දෙවතාවක් උල්ලංඝණය කරලා – ජී.එල්

කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අමු අමුවේම දෙවතාවක් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී එල් පීරීස් මහතා මේ වන විට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ‘ රටම රකින ජන මහිමය ‘ රැලිය අමතමින් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කිරීමෙන් පසු එය වෙනස් කිරීමට කථෘනායකවරයාට බලයක් නැතැයිද ජී එල් පිරීස් මහතා පැවසීය.
කථානායකවරයා විසින් අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් පරිදි කතානායකවරයාට උපකාරකිරීමට ජනාධිපතිවරයා බැදී සිටිනවා යන්න සඳහන් කිරීමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කණපිට හැරවීමක් බවත් කථානායක වරයා කටයුතු කරන්නේ කතානායක හැටියට නොව එක්සත් ජාතික පාක්ෂිකයෙක් ලෙස බවද එ මහතා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.