FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් පාලිතව හා හේෂාව ඇප මත මුදා හරියි…(update)

මේජර් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාලිත තෙවරප්පෙරුම සහ හේශා විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත.
         ……………………………………………………………………………………………………………………………………………………………………………
පසුගියදා අරලියගහ මන්දිර ආසන්නයේදි පුද්ලයෙක්ට පහරදිමේ සිද්ධියකට අදාළව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම මහතාව සහ හේෂා විතානගේ මහතාව අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මේජර් අජීත් ප්‍රසන්න මහතාට පහරදිමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.