FAST NEWS

24×7 Around the Globe

හක්මන වෙඩි තැබිමකින් මන්ත්‍රීවරයෙක් මරුට..

අද(04) සවස 4.30 ට පමණ හක්මන පොලිස් වමේ කැබිලියපොල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මිය ගොස් ඇති බව පොලිසිය  පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පොදුජන පෙරමුණේ එල්.එච්.ශාන්ත නැමැත්තෙකි.
යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හක්මන ගංගොඩගම රෝහලට ඇතුළත් කර තිබියදී මෙලෙස මියගොස් තිබේ.
වෙඩි තැබීම සිදු කල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා හක්මන‍ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.