FAST NEWS

24×7 Around the Globe

රතන හිමීගේ සහාය ජනාධිපතිට..

ඉදිරියෙදිත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරයාට සහය දක්වමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි. 
එමෙන්ම හැකි ඉක්මනින් පර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලෙසට තමන් වහන්සේ ජනාධීපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසීය.
අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය.
තවද නව අග්‍රාමාත්‍යයවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරිමට ජනාධිපතිවරයා ගත් තීරණයට තමන්ද එකඟ වන බවද උන් වහන්සේ එම අවස්ථාවේදි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.