FAST NEWS

24×7 Around the Globe

2 % කින් බස් ගාස්තු අඩු කිරීමට සාකච්ඡා….

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය ලබන 07 වනදා 2 % ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
සාමාන්‍ය සහ සුඛෝපභෝගී යන සියලු සේවා සඳහා මෙම ගාස්තු අඩු කිරීම සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද (04) රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.