FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ අවසන් තීරණය කථානායක සතුයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් කතානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය කතානායකවරයා සතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසා සිටියි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අදාල බලය කතානායකවරයාට පැවරී ඇති බවත් පාර්ලිමේන්තුව තුල කතානායකවරයාට පවතින බලතල සම්බන්ධයෙන් අභියෝග කිරීමට කිසිවකුට නොහැකි බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යූ ආර් ද සිල්වා මහතා අවධාරණය කළේය.