FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යධුරයක් ලබාගැනීමට සූදානම් බව කියන වාර්තා බොරු…..රාජිත

ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යධුරයක් ලබාගැනීමට සූදානම් වන බවට විවිධ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ බහුතරය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවේ පෙන්වීම තම අභිලාශය බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත.
ප්‍රජාතන්ත්‍ර විරෝධී කිසිදු කුමන්ත්‍රණයකට තමා කිසි විටෙකත් අනුබල නොදෙන බවත්, අමාත්‍යධුර ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය පාවාදීමට තමා කිසි විටෙකත් කටයුතු නොකරන බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.