FAST NEWS

24×7 Around the Globe

අද සහ හෙට හයිඩ් පාර්ක් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වෙයි..

අද (03) සහ හෙට (04) දිනයන් වලදී කොම්පඤ්ඤවීදියේ, හයිඩ් පාර්ක් කෝනර්, කොළඹ 02 දරණ ස්ථානයේ ඉදිකරමින් පවතින ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන ලද ක්‍රේන් යන්ත්‍රය ගලවා ඉවත් කිරීම හේතුවෙන් පැය කිහිපයක් හයිඩ් පාර්ක් කෝනර් මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.
අද පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වාත්, අනිද්දා පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා කාලය තුළ මෙලෙස වාහන ගමනාගමනය සීමා වෙනු ඇත.
මීට විකල්ප මාර්ග ලෙස පාර්ක් වීදිය, හයිඩ් පාර්ක් කෝනර් හංදිය (ආර්පිකෝ ආයතනය අසලින්) මාර්ගයේ නැවත යුනියන් පෙදෙස හයිඩ් පාර්ක් කෝනර් හංදිය දෙසට ගමන් කළ හැකි බව පොලීසිය පවසයි.