FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින කිහිපය තුල උතුරු හා නැගෙනහිර පළාත් වලට සුළි කුණාටුවක්..

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් වලට ඉදිරි දින කිහිපය තුලදී සුළි කුණාටුවක බලපෑමක් එල්ල වීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි.
මේ වන විට ලංකාවවේ සිට කිලෝමීටර් 1500 ක් ගිනිකොණ දෙසින් ඉන්දුනීසියාවට ආසන්නයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවත් එය මෙම මස 05 වනදා වන විට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරනු ඇති බවත් කාලගුණ බලධාරීන් නිවේදනය කරයි.
මෙම අඩු පීඩන තත්ත්වය නොවැම්බර් මස 06, 07 සහ 08 යන දිනයන් හිදී සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත් ආසන්නයෙන් හෝ රට තුලින් යාපනය හරහා ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීමේ සම්භාවිතාවක් පවතින බවත් කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පාස්කුවෙල් මහතා වැඩිදුරටත් පැවසීය.