FAST NEWS

24×7 Around the Globe

නීතිපති දෙපාර්තමේන්තුවට එස්.ටී.එෆ් ආරක්ෂාව..

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා  අද (02) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ලතීෆ් මහතා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව ලබා දෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවයාගෙන් කළ ඉල්ලීමකට අනුව  මෙම ආරක්ෂාව යෙදවූ බවද එ මහතා කියයි.