FAST NEWS

24×7 Around the Globe

බොදු බලයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ට සංදේශයක්..

නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනික කටයුතුවලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් බොදුබල සේනා සංවිධානය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට අද (02) සංදේශයක් බාර දීමට කටයුතු කළේය.
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට මෙම සංදේශය බාර දීම සඳහා පූජ්‍ය දාපනේ සුමනවංශ සහ පූජ්‍ය මහල්කන්දේ සුදත්ත හිමිවරුන් ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය පළ කර ඇති අදහස් හා බටහිර මාධ්‍ය ඔස්සේ පළ වී ඇති අසත්‍ය තොරතුරුවලට විරෝධය දක්වන බව, එම සංදේශයේ දැක්වෙයි. ශ්‍රී
ලංකාවේ තත්වය නිසිලෙස අධ්‍යයනය නොකර මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ද සංදේශය මගින් ඉල්ලීම් කර තිබේ.