පසුගිය ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හට නව ආණ්ඩුව යටතේ නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා නොදෙන ලෙස ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
මෙම සංගමය විසින් ‘ඉක්මන් අවධානය පිණිස’ යනුවෙන් සදහන් කළ ලිපියක් මගින් මේ බව ජනපතිවරයා වෙත යොමුකර ඇත.









