FAST NEWS

24×7 Around the Globe

තවත් සහන රැසක් ඉදිරියේදී ජනතාවට ලබාදෙනවා….නාමල් රාජපක්ෂ

නව රජය යටතේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ඊයේ (01) ජනතාවට ඉන්ධන මිල අඩු කිරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීමෙන් ලබාදුන් සහන රැසකට අමතරව තවත් සහන ඉදිරි කාලයේදී ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සදහන් කළ නිවේදනයක මේ බව දක්වා ඇත.
ජනතාවට ලබාදුන් පොහොර සහනාධාරය, ඉන්ධන මිල අඩුකිරීම ඇතුළු ලබාදුන් අනෙකුත් සහන සම්බන්ධයෙන් ස්තූතිය ප්‍රකාශ කරන බවත් නාමල් රාජපක්ෂ මහතා අදාළ නිවේදනයෙන් සදහන්කර ඇත.