FAST NEWS

24×7 Around the Globe

වසරේ පළමු මාස 10 ට ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි..

මේ වසරේ පළමු මාස 10 ක කාලය තුළදී ඩෙංගු රෝගීන් හතළිස් එක්දහස් දෙසිය දහසයක් (41216) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙම කාලය තුළදී මරණ හතළිස් හයක් (46) වාර්තා වී තිබෙන අතර, වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන බවත් සඳහන්.
එමෙන්ම එම දිස්ත්‍රික්කය තුළින් රෝගීන් 7951ක් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4476ක් කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2521ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3120ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2027ක් වශයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී ඇත.
මේ වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 7278ක්, පෙබරවාරි මාසයේදී රෝගීන් 4488ක්, මාර්තු මාසයේදී රෝගීන් 3380ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 2618ක්, මැයි මාසයේදී රෝගීන් 3560ක්, ජුනි මාසයේදී රෝගීන් 5513ක්, ජූලි මාසයේදී රෝගීන් 6455ක්, අගෝස්තු මාසයේදී රෝගීන් 4270ක්, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 2017ක් සහ ඔක්තෝබර් මාසයේදී රෝගීන් 1637ක් ලෙස වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.