FAST NEWS

24×7 Around the Globe

විජේදාස රාජපක්ෂ නව ධුරයේ වැඩ භාරගනී…

නව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.
ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදීයි.
ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට නව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක් ව සිටියේය.