FAST NEWS

24×7 Around the Globe

වතුකම්කරුවෝ යළි විදී බසිති..

තම දෛනික මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රදේශවල වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට පිවිස යළිත් අද (01) යළිත් විරෝධතාවක නිරත විය.
මේ මස 06 වෙනි දිනට එළඹෙන දිපාවලි උත්සවයට ප්‍රථම තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර  හිඟ වැටුප් සමග ලබාදිමට කටයුතු කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
ඒ අනුව වතු වැවිලිකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා කරන වතු එකාබද්ධ වෘත්තිය සමිතියේ සමාජිකයන් කටයුතු කළ යුතු බව ඔවුහු විරෝධය පැහ.