FAST NEWS

24×7 Around the Globe

කෝටියකට අධික හෙරොයින් සමග සැකකරුවෙකු අල්ලයි…

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව ඇත.
එම නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුව මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ හෙරොයින් තොගය එම අවස්ථාවේදී නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිට තිබේ.
මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.