FAST NEWS

24×7 Around the Globe

තලෙයිමන්නාරම් දුම්රිය මග යළි විවෘත කෙරේ..

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පාලම් තුනක නඩත්තු කටයුතු හේතුවෙන් මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය පසුගිය අගෝස්තු මස 17 වැනිදා අත්හිටුවිය.
අද (01) එම දුම්රිය මාර්ගයේ පරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමට නියමිත බවත් පස්වරුව වන විට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද එම දෙපාර්තුමේන්තුව කියයි..
.දෛනිකව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 04 ක් ක්‍රියාත්මක වේ.