FAST NEWS

24×7 Around the Globe

ජනතා විමුක්ති පෙරමුණ අද නුගේගොඩදි රැස් වෙයි…

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) පස්වරු 3.00 ට නුගේගොඩ නගරයේදී විරෝධතාවක් සංවිධාන කර ඇත.
හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවන ලෙස සහ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් පසුගිය දින කිහිපයේ ගත් දේශපාලන තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයක් බවට ජාත්‍යන්තරය හමුවේ ඉගි සපයමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේය.