FAST NEWS

24×7 Around the Globe

වැසි සුළං වැඩි වෙයි – කාළගුණයෙන් අනතුරු ඇඟවිම්..

හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (01) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.
එසේම සුළං වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවත්, සුළං වේගය පැයට කිලෝමීටර 70 – 80 ත් දක්වා ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
දිවයිනට වයඹ සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල වර්ධනය වී ඇති ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ ද සක්‍රීයව පවතිනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.