FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් අතර හමුවක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද (31) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පවත්වා ඇත.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත් නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳවත් මෙහිදී ජනාධිපතිතුමා සංවිධායකවරුන් දැනුවත් කර තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් මෙම හමුවට සහභාගී වී ඇත.