FAST NEWS

24×7 Around the Globe

අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට සහන කාලයක් දෙනවා…අගමැති ලේකම්

අග්‍රාමාත්‍ය ‍ලේකම් එස්. අමරසේකර මහතා ඊයේ (30) සිය කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරය තමන් යටතේ පවතින දේපළක් බැවින් එය ඉක්මනින් ආපසු බාර ගැනීමට කටයුතු කරන ලෙස තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ආපසු බාර දීමේදී යම් සහන කාලයක් ලබාදීමේ ක්‍රමවේදයක් ඇතත් දේශපාලනඥයන්ට එවැනි ක්‍රමවේදයක් නොමැති බවද ලේකම්වරයා සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ,
රාජ්‍ය දේපළ අවභාවිතය බරපතළ වරදක්. එතුමාට එම නිවසින් ඉවත් වීමට යම් සහන කාලයක් අවශ්‍ය නම් මානුෂිකව ඒ සහනය ලබා දෙන්න පුළුවන්. මගේ විශ්වාසය දේශපාලන ප්‍රශ්නය විසඳා ගන්න එතුමා අරලියගහ මන්දිරය පාවිච්චි කරන්නෙ නෑ කියලයි. හෙට අනිද්දා එය ආපසු බාර දේවි. එහෙම නොකෙරුනොත් ඒ ගැන ගතයුතු පියවර ගැන අපට සලකා බලන්න පුළුවන්.
“හිටපු ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය පිළිගෙන ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නත් පෙර නිල නිවස බාරදී ගියා. ඒක තමයි සම්මත ක්‍රමය.
මම විශ්වාස කරනවා අරලිය ගහ මන්දිරයත් අද හෙට බාර දේවි කියලා.