FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තරය පිළිගන්නේ රනිල් වික්‍රමසිංහව….හියුගෝ ස්වයර් කියයි

ජාත්‍යන්තරය විසින් නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් ඊයේ (30) ප්‍රකාශයක් සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර් හියුගෝ ස්වයර් දැක්වූ වැඩිදුර අදහස්…
“ විදේශ ලේකම්වරයා මේ සතියේ ශ්‍රී ලංකා ජනාධිපති අමතනවා. ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැණි බවත් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැති ලෙස තවදුරටත් පිළිගන්නා බවත්, එය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකදී පමණක් බවත්, එසේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කළ යුතු බවටත් මගේ මිත්‍රයා ජනාධිපති සිරිසේන මහතාට පෙන්වා දෙන්නේ දැයි මා විමසා සිටිනවා”.
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ද එක්සත් රාජධානියෙනි.