FAST NEWS

24×7 Around the Globe

උඩවලව රක්ෂිතයේදි වෙඩි හුවමාරුවක්..

උඩවලව රක්ෂිතයේ අද (31) අළුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දඩයමේ පැමිණි දෙදෙනෙකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී දඩයක්කරුවෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට අමතරව ටී 56 ගිනි අවියක්, මැගසින් එකක් සහ උණ්ඩ කිහිපයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බවද පැවසේ.