රමිත් රඹුක්වැල්ලට වරෙන්තු නිකුත් කරයි..

රමිත් රඹුක්වැල්ලට වරෙන්තු නිකුත් කරයි..

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (30) වරෙන්තු නිකුත් කළේය.
ඒ අපරීක්ෂාකාරීව රිය අනතුරක් සිදු කරමින් යතුරුපැදිකරුවකු හප්පා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.
සැකකරු අද අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ සැකකරු අසනීපයෙන් සිටින බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.
නමුත් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.