FAST NEWS

24×7 Around the Globe

එජාපයේ උද්ඝෝෂණයට අධිකරණයෙන් වාරණයක්..

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමක් අනුව එක්සත් ජාතික පක්ෂය අද (30) දහවල් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් පනවා තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසකට නිකුත් කළ එම වාරණ නියෝගයට අනුව රජයේ පරිශ්‍රවලට ඇතුළු වීම තහනම් කර තිබේ.
මහ ජනතාවට පීඩා වන අයුරින් , උද්ඝෝෂණ පැවැත්වීම හා මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම ද මේ යටතේ තහනම් කර තිබේ.
අද (30) දින කොළඹ කිසිදු කළහාකාරී සිද්ධියක් නොවන ලෙස උපරිම ආරක්ෂාව යොදවන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.