FAST NEWS

24×7 Around the Globe

ලබන වසර සදහා වන අයවැය ඉදිරිපත් කරන තුරු අතුරු සම්මත ගිණුමක්‌..

2019 වර්ෂය සදහා වන අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් කරන තුරු රජයේ කටයුතු සඳහා අතුරු සම්මත ගිණුමක්‌ මගින් මුදල් වෙන්කර ගැනීමට නව රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතද අහෝසි වී තිබේ.
කෙටි කලකින් නව අයවැයක්‌ සම්පාදනය කිරීමට අපහසු නිසා එතෙක්‌ රජයේ වියදම් පියවා ගැනීම අතුරු සම්මත ගිණුමක්‌ මගින් සිදුවනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.