FAST NEWS

24×7 Around the Globe

ජනපති චීන සංචාරය අවලංගු කරයි !!!

චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ලබන සිකුරාදා (02) චීනය බලා පිටත්ව යාමට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියමිතව එම සංචාරය හදිසියේම අවලංගු කර ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ආණ්ඩුව පිහිටුවීම සහ දැනට උද්ගතව ඇති දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා මෙම ගමන අවලංගු කර ඇති බව කියැවේ.