FAST NEWS

24×7 Around the Globe

අගමැතිවරයා හා ඒකබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රමාත්‍ය කාර්යාලයේදී අද (29) දහවල් පැවැත්විණි.
එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු සියලු රටවැසියන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඉතාම සාමකාමීව ආරක්ෂාව සැලසීමට මන්ත්‍රීවරුන් මැදිහත්ව කටයුතු කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව ඒකාද්බද්ධ විපක්ෂය කියයි.
ජනතාව කුපිත කිරිම සඳහා විවිධ කුමන්ත්‍රණකාරී වැඩසටහන් තිබෙන බැවින් අලුත් ආණ්ඩුවට සහයක් වශයෙන් නිරායුද අහිංසක ජනතාව ආරක්ෂා කරන ලෙසට අගමැතිවරයා මෙහිදි අවධාරණය කර තිබේ.