කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර…වප්මගුල් උත්සවය අමතමින් ජනපති කියයි

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර…වප්මගුල් උත්සවය අමතමින් ජනපති කියයි

තිස්සමහාරාම සඳගිරිගොඩ වෙල්යායේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙන ජාතික වප්මගුල් උත්සවය අමතමින් ඒ මහතා සදහන් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ආණ්ඩුවේද ප්‍රමුඛතාව කෘෂිකර්මාන්තයට ලබාදෙන බවයි.
එමෙන්ම හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව විශාල වැඩ කොටසක් කළ බවත් ඔහු ඉදිරියටත් කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරනු ඇති බවත් ජනාධිපතිතුමා පැවසීය.
ඉදිරි දින දෙක තුළදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බවත් පසුගිය වසර තුන හමාරක කාලය තුළ උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි වූ බවත් ඒවාද විසඳීමට කටයුතු කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.