FAST NEWS

24×7 Around the Globe

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) වැඩ භාර ගනියි..

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකක ආරංචි මාර්ග පවසයි.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් යුත් නව රජයේ කැබිනට් මණ්ඩලයෙන් කොටසක් අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බවත් පැවසේ.