FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරිමට නියෝගයක්…

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වාහන සහ පුද්ගලික ආරක්ෂකයින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බවද එහි කියැවේ.

එසේම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැඳී සිටින බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංහ මහතා ප්‍රකාශ කළේ අද (28) දිනය තුළ ඔහු ඉවත්ව නොයන්නේ නම් නීත්‍යානුකූල පියවර ගන්නා බවය.