FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්ෂට අධිකරණයෙන් සිහි කැදවීමක් නිකුත් කරයි..

රුපියල් මිලියන 70ක් අවභාවිත කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නීතිපති උපදෙස් සදහා සිහි කැදවීමක් යොමු කරන ලෙස ඊයේ (26) එම නඩුව කැදවූ අවස්ථාවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේ දී මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුකර ඇති බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී ඇත.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ ඊයේ යළි පෙනී සිටි අතර ලබන වසරේ මාර්තු 29 වනදා දක්වා විදේශගත වීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.