FAST NEWS

24×7 Around the Globe

වහා ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ නිවාඩු අවලංගු කෙරේ…

පොලිස්පතිවරයාගේ නියෝගය මත සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර ඇත.
අදාළ නියෝගය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණට ගෙන තිබේ.
තවද සියළුම ජ්‍යෙෂ්ඨ පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර නාලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මුලද්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාදධිබතිවරුන් තම බල ප්‍රදේශය තුළ රැදී සිටිමින් ආරක්ෂක කටයුතු සම්බන්ධව පුද්ගලිකව සොයා බලා සංවිධානය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
හදිසි අවශ්‍යතාවයක් සදහා නිවාඩු ලබාගන්නේ නම් පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අවසරය පරිදි සිදුවිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.