FAST NEWS

24×7 Around the Globe

වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව 31 වැනිදා ජනපතිට..

සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන 31 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන බව රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම පවසයි.
අදාළ වාර්තාව ඇතුළත් නිර්දේශ මත ඉදිරියේදී සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩී වීමක් සිදු විය හැකි බවත් ,වාර්තාව, ජනාධිපතිතුමා අනුමත කිරීමෙන් අනතුරුව මෙවර අයවැයට අදාළ යෝජනා ඇතුළත් කළ හැකි බවද එම කොමිසම පෙන්වා දෙයි.
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාව අවම කිරීම සඳහා වූ විශේෂ යෝජනා කිහිපයක් ද වාර්තාවට ඇතුළත් වන බව එම කොමිසම කියයි.
රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම, සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර ,හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා එහි සභාපති ලෙස කටයුතු කරයි.
රාජ්‍ය සේවයේ වැටුප් තල සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරනු ලැබිය.