FAST NEWS

24×7 Around the Globe

අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන් 15 දෙනා රිමාන්ඩ්..

අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි පසුව ඊයේ (25) අක්කරපත්තුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තාක්ෂණ පීඨ සිසුන් 15 දෙනා නොවැම්බර් 01 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
තාක්ෂණ පීඨයේ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍යභාවය ලබාදීම සහ තවත් සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම පීඨයේ සිසුන් අඛණ්ඩ අරගලයක නිරත වී සිටින අතර එයට පාලනධිකාරියෙන් පිලිතුරක් නොමැති නිසා තාක්ෂණ පීඨයේ සිසුන් විසින් මෙම විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කර ගෙන තිබිණි.