ජාතික වප්මඟුල් උත්සවය 29 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන්..

ජාතික වප්මඟුල් උත්සවය 29 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන්..

මහ කන්නයේ ජාතික වප්මඟුල් උත්සවය මේ මස 29 දින පෙ.ව 9.30 ට ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල් යායේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමීත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් මෙවර වප් මඟුල් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මෙවර මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ හෙට (27) පසුව වන බැවින් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වර්ෂා ජලයත් උපයෝගී කර ගනිමින් සිදු කිරීම තුළ වාරි ජලය කළමනාකරණය කර ගැනීමේ පහසුව ලැබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.
එම නිසා මෙවර මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා වන වප්මඟුල් උත්සවය හෙළ සිරිත් විරිත් අනුව එදිනට (29) පැවැත්වීමට අදාළව සියලු කටයුතු මේ වන විට සංවිධාන කර ඇත.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගැනීම සඳහා ගොවීන් උනන්දු කරවීමේ ව්‍යාපෘතියක් ලෙස මේ ජාතික වප්මඟුල් උත්සවය යොදා ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.