FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා රිමාන්ඩ් කෙරේ..(update )

අත්අඩංගුවට ගත් නාලක ද සිල්වා මහතාව නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

+++[update ]

නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනේ..

ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට  ටික වේලාවකට පෙර ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එ මහතා අද (25) පස් වැනි දිනටත් ප්‍රකාශ ලබා දිමට එම දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.
 නාලක ද සිල්වා මහතාව අද (25) රාත්‍රි කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.