මහජන බැංකුවට සහ ලංකා බැංකුවට නව සභාපතිවරුන් පත්කිරීම අද (25)…

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට නව සභාපතිවරුන් පත්කිරීම අද (25)…

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට නව සභාපතිවරුන් අද (25) දිනයේදී පත්කිරීමට නියමිත බවත් ඊට අදාළ නම් ජනාධිපති කාර්යාලයෙන් යෝජනා වී ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මහජන බැංකුවට ආචාර්ය දමිතා ද සොයිසා සහ ලංකා බැංකුවට සුජාතා කුරේ යන මහත්මීන් දෙදෙනා පත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ආචාර්ය දමිතා ද සොයිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වන අතර සුජාතා කුරේ මහත්මිය මහාමාර්ග අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක්ද වෙයි.
කෙසේවුවද ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතාට එම තනතුරෙන් ඉවත් නොවන ලෙසට එජාප ප්‍රධානින් විසින් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.