FAST NEWS

24×7 Around the Globe

“රෝ” ගැන කරුණු සඟවා සිටිම රාජ්‍යද්‍රෝහීයි..

රෝ සංවිධානය සමග මේ රටේ ඇමැතිවරුන් යම් කිසි සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇතැයි කියා තමන් නොසිතන බවත්, මේ රටේ කැබිනට් ඇමැතිවරුන් සබඳතා පවත්වන බවට යම් කෙනෙක් තොරතුරු දන්නේ නම් ඒවා හෙළි කළ යුතු බවද, එම කරුණු සඟවා ගෙන සිටීම රාජ්‍යද්‍රෝහී ක‍්‍රියාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) ආබාධිත රණවිරුවන් විසින් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරයේ දී සංවිධානය කොට තිබූ ආගමික උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
” මේ වන විට ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ඉන්නවා. උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් අනතුරුව වසර විසිපහක් තිස්සේ පවත්වන්නට නොහැකි වූ මැතිවරණ ඒ ප‍්‍රදේශවල පවත්වා දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් අපි ආරක්ෂා කර දුන්නා. එම අයිතිවාසිකම් පවා මෙම ආණ්ඩුව කඩා දමමින් එම ජනතාවගේ ඡුන්ද අයිතියත් උදුරා ගනිමින් තිබෙනවා.
මේ වන විට රට තුළ ආණ්ඩුවක් තිබේද කියා රට වැසියන් ප‍්‍රශ්න කරමින් සිටිනවා. අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට වැඩිය හාමුදුරුනමකගේ සිවුර පවා පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ගලවා තිබෙනවා. කාන්තාවකගේ රෙද්ද පවා ගලවා මත්කුඩු හොයා තිබෙනවා. මේ තත්ත්වයට එරෙහිව මේ රටේ මහා සංඝ රත්නය නැගී සිටිය යුතු වෙනවා”