FAST NEWS

24×7 Around the Globe

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද (25) ව්‍යවස්ථාදායක සභාවට..

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) රැස්වන ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරිමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
විශේෂඥයන් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දළ කෙටුම්පත සකස් කර තිබේ.
අදාල කෙටුම්පත පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබු අතර එය අවස්ථා කිහිපයදී මෙහෙයුම් කමිටුව තුළ සාකච්ඡාවට ලක් කිරිමෙන් පසුව අද මෙසේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරන බව පැවසේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිමට අදාලව මෙහෙයුම් කමිටුව විසින් පත්කර තිබු අනු කමිටු 06 වාර්තා ද සැලකිල්ලට ගෙනයි විශේෂඥ කමිටුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත සකස් කර තිබේ.
එසේම මේ වන විට නිල කාලය අවසන්ව ඇති ජාතික පොලිස් කොමිසම සම්බන්ධයෙන්ද අද රැස්වන ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමු වන බවද පැවසේ.