FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුවේ සංඥා දෝෂය යථා තත්වයට..

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හටගෙන තිබූ සංඥා දෝෂය යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
අකුණු ගැසීම් හමුවේ සංඥා පද්ධතියට හානි සිදුවීමෙන් මෙම දෝෂය හටගෙන තිබුණි.
මේ හේතුවෙන් අද (24) උදාසන කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය රැසක් ප්‍රමාද විය.