FAST NEWS

24×7 Around the Globe

පුංචි බොරැල්ල සහ මරදාන අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්…

පුංචි බොරැල්ල සහ මරදාන අවට මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලද ආණ්ඩුවට එරෙහිව විරෝධතා පාගමන හේතුවෙන් මෙම වාහන තදබදය හටගෙන ඇත.
මේ වනවිට එම රැළිය පිටකොටුව දෙසට ගමන් කරන බවත් වාර්තා වෙයි.