තමන් විපක්ෂ නායක ධූරය භාර ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට කැමති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් බව හෙතෙම සඳහන් කරයි.
කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් නායකත්වය දෙන්නට තමා සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.







