ශ්‍රී ලංකාවට ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදුන්වාදීමේ සමුළුව හෙටින් අැරඹේ…

ශ්‍රී ලංකාවට ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදුන්වාදීමේ සමුළුව හෙටින් අැරඹේ…

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුව හෙටින් ආරම්භ වන අතර මෙම සමුළුව පුරා දින 03 ක් පුරා පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව හෙට පස්වරු 05.00 ට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ආරම්භවනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය එක්ව සංවිධාන කරන මෙම සමුළුවට ඇමරිකා එක්සත් ජනපදයේ සිට විශේෂඥ වෛද්‍යවරුන්, විද්‍යාඥයින් පිරිසක් ද සහභාගි වීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු යොදා තිබේ.
ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අනුව බෝවන හා බෝ නොවන රෝග සඳහා ජානවලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ පහසුකමද , පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනීම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සදහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීම ආදී සත්කාරියන් රැසක් ඉටුකරගත හැක.
මෙමගින් රෝගී සත්කාර සේවා සදහා වැය වන පිරිවැය ද ඉතා අඩු මට්මටක පවතින බවත් තොරතුරු වාර්තා වෙයි.