FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බ්‍රහස්පතින්දා රැස් වෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා (25) දිනයේදි රැස්වීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සිදුකිරීමට නියමිත බව පැවසේ.
පසුගිය ඔක්තෝබර් මස 14 වැනිදා ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ද අවසන් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී පොලිස් කොමිසමට නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුකළ යුතු වු නමුත් මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී පොලිස් කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමක් සිදුනොවනු ඇති බව වාර්තා වෙයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරී මණ්ඩලය පත්කරන තුරු වත්මන් නිලධාරී මණ්ඩලයට පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව පවතියි.