FAST NEWS

24×7 Around the Globe

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බර් 21 න් අවසන්..

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කි.මී. 26 ක් දුර මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර දෙසැම්බර් 21 වැනිදා වනවිට භාරදෙන බව එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පොර්ට් කෝර්පරේටිව් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
ෙමෙම මාර්ගය නියමිත ප්‍රමිතියට අනුව ඉදිකර තිබේදැයි සොයා බලා,පරීක්ෂණ දුම්රිය චාරිකා කිහිපයක් සිදු කිරීමෙන් පසුව ලබන වසර මුල වනවිට ජනතා අයිතියට පත්කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
චීන එක්සිම් බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 278.2ක් වැයකරමින් මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ.