FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් අද (23) විරෝධතා රැළියක්…

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (23) පස්වරු 3.00 ට පමණ විරෝධතා රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම විරෝධතා රැළිය පුංචි බොරැල්ල මංසන්ධියෙන් ආරම්භ වී කොළඹ කොටුව දෙසට පැමිණීමට නියමිත බව එම පක්ෂය සඳහන් කරයි.
ආණ්ඩුවට එරෙහිව පවත්වන මෙම රැළිය බදු සහ තෙල් මිල වැඩි කිරීම, සිංගප්පූරු ගිවිසුම, තෙල් ටැංකි විකිණීම ආදී තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පවත්වනු ලබයි.